සබරගමුව විශ්වවිද්‍යාලයේදී නවකවදයට ලක්වීම නිසා තම දියණිය සියදිවි නසාගත් බවත් ඊට සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුවියකගේ මවක් වසර තුනහමාරකට පසු පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිල්ල කර ඇත්තේ වසන්තා පද්මිණි ඇල්විටිගල මහත්මියයි.
ඇගේ එකම දියණිය වූ එස්.එච්. අමාලි චතුරිකා කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ 2014 වසරේදී සරසවි වරම් ලබා තිබේ.
ඒ අනුව 2014-02 මස සබරගමු විශ්වවිද්‍යාලයට ඇය ඇතුළත් වී ඇති අතර එහිදී ජ්‍යෂේ්ඨ සිසුන්ගෙන් හිරිහැරයට ලක්ව ඇති බව ඇය මවට පවසා තිබේ.
මෙම නවක වදය නිසා ඇය විශාදය රෝගයට ලක්වීම හේතුවෙන් සරසවියෙන් ඇයට මාස 6ක නිවාඩු කාලයක් ලබාදී තිබුණි. එම කාලය අවසන් වන මොහොතේ ඇය ලිපියක් ලියා තබා නිවසේදී සියදිවි නසාගෙන තිබුණේ 2015/02/16 වන දිනය.
ඇය ලිපියෙන් ඇයට හිරිහැර කළ පුද්ගලයන්ගේ නම් සටහන් කර තිබූ අතර අවසන් වශයෙන් ඉල්ලා තිබුණේ සරසවියේ කිසිවකුටත් අවමංගල්‍යට සහභාගි කර නොගන්නා ලෙසය.
ඇය මියගොස් වසර තුන හමාරක් ගත වුවද ඇගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොවූ බැවින් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වසන්තා මහත්මිය නීතිඥ දසුන් නාගසේන මහතා සමග පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.