නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….
Spread the love

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කළේ අදවන් පොහොය දිනකයි.

සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමුවේ ද අදවන් නවම් පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම ද අදට යෙදෙන පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිද්ධියක්.

බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අදවන් පොහොය දිනකයි.