නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි
Spread the love

ශී‍්‍ර ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 
 
 අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය. 
 
 මහෙස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබූ නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබී ය.

==============================================================
 ශේ්‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා මීළ`ග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ඊයේ (12 ) රැුස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළේය.
 
 අභිනවයෙන් පත්වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් ඊයේ රැස්‌ වූයේ ප්‍රථම වරටය. ඒ අගවිනිසුරු ධුරය සඳහා සුදුස්‌සෙකු අනුමත කිරීමටය.
 
 එහිදී ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු ධුරය සඳහා නලින් පෙරේරා මහතාගේ නම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව වෙත යෝජනා කර ඇත. ජනාධිපතිවරයාගේ නාමයෝජනාව වී තිබෙන්නේ දැනට ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්කිරීමටය. 
 
 ඒ අනුව ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස හෙතෙම පත්වනු ඇත.
 
 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සිය නිගමනය ඊයේ ම ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇති අතර ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබයි.
 
 වසර තුනකට වරක්‌ අලුතින් පත් කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ස්‌ථාපිත කර තිබේ. අගමැති, කථානායක, විපක්‍ෂ නායක නිලබලයෙන් සාමාජිකත්වයට පත්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට ජනපති, අගමැති සහ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌ සහ සුළු පක්‍ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පත්වෙති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනකු ද වශයෙන් සාමාජිකයන් දස දෙනකුගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සමන්විත වෙයි.
 
 නලින් පෙරේරා මහතා මහෙස්‌ත්‍රාත්වරයකු, දිසා විනිසුරුවරයකු, මහාධිකරණ හා අභියාචනාධිකාර විනිසුරුවරයකු ලෙස පියවරෙන් පියවර ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වා පැමිණ අගවිනිසුරු ධුරයට පත්වීම විශේෂත්වයකි.
 
 ඊයේ රාත්‍රියේදී හතළිස්‌ හයවැනි අගවිනිසුරු ලෙස මහාඅධිකරණ විදිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෙස දිවුරුම් දුන්නේය.