ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක නව කොවිඩ් ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වන බවත් එය එංගලන්ත ප්‍රභේදය බවට අනුමාන කළ හැකි බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.
අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රභේදයේ පැතිර යාමේදී එංගලන්තය ලොක් ඩවුන් කළ බවත් ලංකාව එසේ නොකරනවා නම්, තීරණ ගන්නා අය එහි වගකීම දැරිය යුතු බවත්ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් කුමුදේශ් මහතා මෙසේද පැවසීය.
‘ප්‍රභේද හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා දිස්ත්‍රික් හතරක පමණක් බව කිසිසේත් තහවුරු කල නොහැකියි. ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර ස්ථාපිත නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාල ඊනියා විශේෂඥයින් නොහැකියාව වසා ගනීමට උත්සහ කරනවා. මහජන බදු මුදලින් ඔවුන්ව නඩත්තු කිරීම අපරාධයක්. මහියංගනය ඇතුළු සැක සහිත සෑම ස්ථානයකම ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය මීට වඩා විධිමත්ව සිදු කළ යුතු වෙනවා.️ ප්‍රභේද හඳුනා ගැනීමේ “ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වගකීමක් නොවේ‘‘