නාවික නෝන කළු වෙනව කුඩයක් ඇල්ලූ සෙබළා සිදුවීම ගැන තම බිරිඳට කී කතාව මෙන්න……!

නාවික නෝන කළු වෙනව කුඩයක් ඇල්ලූ සෙබළා සිදුවීම ගැන තම බිරිඳට කී කතාව මෙන්න……!
Spread the love

ඇය කළුවෙයි 
කියා….
බය ලූ….
අප ගුවනේ
ලොක්කාට….!

මට ලැබුණේ
අණක්
ඇල්ලන්නට….
නන කුඩයක්…
වී ඇයගේ
පසුපසට….

ආවේ මමත්
හමුදාවට ගුවන්
ජය ගන්නට
අහස් කුස….
වෙනුවෙන්
මේ
පුංචි රට….

සිතුවේ නැත….
වේවි කියා
කුඩ අල්ලන්න
මේ විදියට
සක්කර
වට්ටම්වලට….

නොසිතනු
දොසක්…..
අණ නැත්නම්
මම කවදා
අල්ලාවිද….
නුඹට නොඇල්ලූ….
වැහි කුඩ
මේ ගෑනුන්ට!