යුරෝපාකරය පුරා දැන් පවතින අධි ශිත කාලගුණය සහ හිමපතනය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 60 ක් පමණ වාර්තා වන බව විදෙස් වාර්තා වල සඳහන් වන අතර ඉන් 23 දෙනෙකුම පෝලන්තයේ අධි ශීත තත්ත්වයට ගොදුරු වූවන් වේ.
අධික හිමපතනය නිසා අයර්ලන්තයේ ප්‍රවාහන සහ ගුවන් ගමන් අදාළ වී ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබලය ඇණ හිට ඇති අතර සයිබීරියානු කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් යුරෝපයේ දැන් ඇති වූ තිබෙන අධි ශීත කාලගුණ තත්ත්වය දකුණු දිග මධ්‍යධරණී ප්‍රදේශය දක්වා බලපෑම් සිදුකිරීම විශේෂත්වයක් වේ.
මෙම කාලගුණ තත්ත්වය යුරෝපීයයන් නැගෙනහිර – මෘගයා, සයිබීරියානු වළසා සහ හිම කාලතුවක්කුව යන අන්වර්ථ නම්වලින් ද හඳුන්වනු ලැබේ