දිවයින පුරා දිස්ත්‍රික්ක එකොළහකට මාස ගණනාවක් තිස්සේ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් එක්ලක්ෂ හැත්තෑ නවදහස් හයසිය තිස්පහකට අයත් පුද්ගලයන් හයලක්ෂ නවසියයකට අධික පිරිසක් පීඩා විඳිති.
යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක එකොළහකට මෙලෙස දැඩි නියං තත්ත්වය බලපා ඇත.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටය. එහි පවුල් 30408 කට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දසදහසකට අධික පිරිසක් පීඩාවට පත්වී සිටිති.
නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය වැනි ජල අවශ්‍යතා සපුරා දීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම ප්‍රදේශවලට ජල බවුසර, ජල ටැංකි අඛණ්ඩව ලබාදෙමින් සිටින බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
මේ අතර අද (10) දිනයේ සිට පළාත් කිහිපයකට වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දොපර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.