නාච්චාදූව සෙලෙස්‌ති මඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 29 වනදා අලුයම පැමිණි විශාල කිඹුලකු, අල්ලා, වනජීවී නිලධාරීන් හට භාර දීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.
අලුයම 3.00 ට පමණ නිවෙස් හිමියා විසින් මෙම කිඹුලා දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන් දැනුවත් කර ඔවුන් සමග එක්‌ව මහත් පරිශ්‍රමයක් යොදා මෙම කිඹුලා අල්ලා ගෙන ප්‍රදේශවාසීන් විසින් වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්‌ථානයට පැමිණි වන ජීවී නිලධාරීන් අඩි දහයක් පමණ දිග මෙම හැල කිඹුලා රැගෙන ගොස් වෙනත් ප්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කර තිබේ.
දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සිඳී ගිය වැවකින් එම කිඹුලා පැමිණෙන්නට ඇති බවට සැක කරන බව ප්‍රදේශවාසීහු පවසති.
නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි
