වැඩිහිටි පුද්ගලයින්ගේ පච්ච විලාසිතා ගැන අපි මීට පෙර කතා කළා. මෙවර අපි කතා කරන්නේ සකුරා මල් පිපෙන, අධි තාක්ෂණික ජපානයේ වේගයෙන් ව්‍යාප්ත වන පච්ච කලාව සහ එහි ප්‍රවණතා ගැන.
ජපානය පච්ච කලාව සැලකුවේ බොහෝ ආසියාතික රටවල් වල මෙන් ‘අපරාධකරුවන්ගේ විලාසිතාවක්‘ විදිහට. ජපනුන්ගේ ඒ මානසිකත්වයට හේතු වුණේ අපරාධ කල්ලි තමන්ව හදුන්වා දීමට ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පච්ච භාවිතා කළ නිසයි. මේ තත්ත්වය තුළ පච්ච කොටා ගැනීම ජපානය තුළ සැලකුණේ ‘අපරාධයක්‘ විදිහටයි. ඒ නිසා මීට අවුරුදු 400කට පමණ පෙර එවකට ජපන් අධිරාජ්‍ය විසින් පව්ච කොටා ගැනීම තහනම් කළා.
ඒත් වර්තමානය වන විට මේ පැරණි තහනමට අභියෝග කරමින් / නොතකා ජපන් ජාතිකයින් පච්ච කොටා ගැනීමට දැඩි නැඹුරුවක් දක්වනවා.

ජපන් ජාතිකයින්ගේ පච්ච වල බොහෝ විට සාම්ප්‍රදායික ජනප්‍රවාදවල චරිත දක්නට ලැබෙන බවයි මේ ගැන විමර්ශනය කළ පුද්ගලයින් පවසන්නේ.

පැරණි නීතිය අනුව යමින් ජපානයේ සමහර ස්පා, තටාක, වෙරළ සහ ජිම් වල ශරීර පච්ච කොටා ඇති අයට ඇතුළු වීම තහනම් කළද, ඡායාරූප ශිල්පී කිම් කියුං-හූන් ටෝකියෝ හි ප්‍රසිද්ධ නාන කාමරයකදී පච්ච කොටා ගත් පුද්ගලයින් කිහිප දෙනකු හමුවී ඔවුන්ගේ අපූරු ඡායාරූප එකතුවක් ලබා ගත්තා.



පසුගිය පෙබරවාරි මාසයේ දී ටෝකියෝ නුවර පැවති ඉරේසුමි අයිකෝකායි Irezumi Aikokai (පච්ච පෙම්වතුන්ගේ සංගමය – Tattoo Lovers Association) හි වාර්ෂික රැස්වීම පචච්ච ලෝලීන්ගේ වාර්ෂික සැනකෙළිය වශයෙන් සැලකිය හැකියි.
‘මේ වාර්ෂික රැස්වීම අපට අතිෂයින් වැදගත් වන්නේ සාමාන්‍යයෙන් අපි අපේ පච්ච සමාජයෙන් සඟවන නිසයි. නමුත් වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මෙම රැස්වීමේදී අපට අපේ පච්ච අනෙක් අයට ආඩම්බරයෙන් පෙන්විය හැකියි. අප ලබාගත් නව පච්ච මොනවාදැයි එකිනෙකාට පෙන්විය හැකියි‘ යැයි එහි ප්‍රධානී හිරෝයුකි නෙමෝටෝ පවසයි.


62 හැවිරිදි හිරෝකි තකමුරා මෙසේ පවසයි: “2000 දශකයේ දී පච්ච සඟරා වැඩි වීමට පටන් ගත්තා. ඒ සමග කාන්තාවන් පවා පච්ච කොටා ගැනීමට පටන් ගත්තා.පච්ච කොටා ගැනීම යුරෝපයේ පවතින ආකාරයටම පිළිගනු ඇතැයි මම සිතුවා”
කිමොනෝස් හි සංචාරක ව්‍යාපාරයේ නිරත වන වන 33 හැවිරිදි රී යොෂිහාරා තවමත් තම පියාට ඇගේ සම්පූර්ණ පච්චය පෙන්වීමට නොහැකි වී තිබේ.


ඇගේ පච්ච කෙටීමේ ශිල්පී ෂෝඩායි හොරීන් පවසන්නේ “ඔබේ නිවස වයසට යනවා. ඔබේ දෙමාපියන් මිය යනවා. ඔබ පෙම්වතාගෙන් වෙන් වෙනවා. ළමයි වැඩිවියට පත් වෙනවා. නමුත් ඔබ ආදාහනය කරන තෙක් සහ ඔබේ සොහොන තුළ පච්චයක් ඔබ සමඟ සිටිනවා. ඒක තමයි ආයාචනය.”


“සිය සිරුර පුරා පච්ච කොටා ගෙන ඇති 40 හැවිරිදි පොත් තැබීමේ නිලධාරිනියක වන මීනා යොෂිමුරා ඇගේ ස්වාමිපුරුෂයා වන හිරෝෂි ගැන මෙසේ පවසයි.
‘ අපි දෙදෙනාම එක හා සමාන බැවින් අපට ඕනෑම තැනකට යා හැකියි. මම හිතන්නේ ඒක හොඳයි‘‘
48 හැවිරිදි මාරි ඔකාසාකා සිය පළමු පච්චය කොටා ගෙන ඇත්තේ මීට වසර 20 කට පෙරය. දැන් ඇගේ පුතා වන 24 හැවිරිදි ටෙන්ජි ඔහුගේ මුළු සිරුරම පච්චවලින් ආවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.

“සමහර අය ගැඹුරු හේතු නිසා පච්ච කොටා ගන්නවා,” ඇය පවසයි.
“නමුත් මම එය කරන්නේ ඒවා හුරුබුහුටි නිසා, මම ලස්සන බ්ලවුස් එකක් මිලදී ගන්නා ආකාරයටමයි.”
නමුත් මාරි නිවසින් පිටවන විට දිගු අත් සහිත බ්ලවුස් පළඳින බැවින් ඇගේ අසල්වැසියන් ඒ ගැන කිසිවක් දන්නේ නැත.
ටෙන්ජි මෙසේ පවසයි: “සමහර අය මා දෙස බලන්නේ පුදුමයෙනුයි. නමුත් මම තවදුරටත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ‘

“ඔව්, මම මැර කල්ලියක සාමාජිකයෙක් යැයි මිනිසුන් සිතන අවස්ථා තිබෙනවා. නමුත් මම ඒ ගැන එතරම් කරදර වෙන්නේ නැහැ. මගේ සම සම්පූර්ණයෙන්ම වැසෙන තෙක් මම දිගටම පච්ච කොටා ගන්නවා”
2019 මාර්තු මාසයේදී කකුල කපා දැමූ 48 හැවිරිදි කාර්යාල සේවක හිදෙයුකි ටොගාෂි මෙසේ පවසයි: “පච්ච කොටා ගැනීම නිසා මම මානසිකව ශක්තිමත් වූ බව මම සිතනවා‘

“ඒ වගේම මම ගොඩක් ශක්තිමත් නිසා මට ඉක්මනින් සුවය ලැබීමට හැකි වුණා.”
බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ