නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්

නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්
Spread the love
නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක විසින් ජනතාවට දැනුම් දී ඇත.
ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවයි මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ. 
ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි පෙන්වා දෙනවා.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි වැඩි දුරටත් සඳහන් කළේ “මේ සරුංගල් යවන තංගුස්..නයිලෝන් වැනි නූල්වල ගුවන් යානයක් පැටළුනොත් තනි වස්තුවක් හැටියට පහළට වැටෙන්න පුළුවන් අවධානමක් තියෙනවා. සියලු ගුවන් තොටුපළවල් අවට කිලෝමීටර් 5ක් පමණ දුරක් ඇතුළත අඩි 300ක් ඉහළට කිසිම යානයක් වස්තුවක් අවසරයකින් තොරව යවන්න බෑ. ඒ අනුව අපි දරුවන්ට වගේම සරුංගල් යවන සියලු දෙනාට කියනවා ගුවන් තොටුපළවල් 14ම අවට සරුංගල් යැවීම නවත්වන්න කියලා.” යනුවෙනි.