පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරනු ලැබූ රන්බල් ඉන්ද ජංගල් නමැති පාපැදි තරගයට සහභාගී වී සිටි නේපාලයේ ජාතික පාපැදි ශූරයා ඊයේ (13 ) දහවල් රන්දෙණිගල ජලාශයේ ජලය බැසයන මිනිපේ ඇළට වැටී මියගොස් ඇත.
මෙම පාපැදි තරගයට රටවල් 20 ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර පාපැදි තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ මවුන්ටන් පාපැදි මගින් මිනිපේ ඇළ ඉවුර මතින් තරගකරුවන් තිදෙනකු ධාවනයේ යෙදී සිටියදී මෙම නේපාල ජාතික තරගකරු ඇළට වැටී තිබේ.
කඳු තරණය ඇතුළු ඉසව් ගණනාවක් ඔස්‌සේ මෙම තරගය පවත්වා අදින් (14) අවසන් වීමට නියමිතව තිබුණු මෙම තරඟයේ තරගකරුවන්ට ඇළ ඉවුර මතින් පා පැදිය ධාවනය නොකරන ලෙසට සංවිධායකයින් උපදෙස් ලබාදී තිබුණත් ඔවුන් එය පිළිනොපැද පාපැදි ධාවනය කර ඇතැයි වාර්තාවේ. එම සිද්ධියෙන් පසු තරගය ඊයේ අවසන් කරන ලදී.

