නේවි සම්පත්ට රැකවරණය ලබාදුන්නැයි අද්මිරාල් රවීන්ද්‍ර අත්අඩංගුවට

නේවි සම්පත්ට රැකවරණය ලබාදුන්නැයි අද්මිරාල් රවීන්ද්‍ර අත්අඩංගුවට
Spread the love

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවිරාජ් ඝාතනය ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ නේවි සම්පත් නමැති සැකකරුට රැුකවරණය දීම හා රටින් පලා යෑමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටින ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින (10) අත්අඩංගුව.

සැකකාර විඡේගුණවර්ධන මහතාට අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්‌ කර ඇති බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා අද දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් ඔහු පදිංචි ස්‌ථානය වෙත ගොස්‌ අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්‌ නිකුත් කර තිබූ සැකකාර නේවි සම්පත් නමැත්තාට රැකවරණය ලබාදීම සහ මුහුදු මාර්ග ඔස්‌සේ රටින් පලා යැමට ඔහුට ආධාර උපකාර කළ බවට චෝදනා ලැබ සිටින අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන මහතා වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊට පෙර නියෝගයක්‌ නිකුත් කර තිබුණි.

සැකකාර විඡේගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසුව ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

අද්මිරාල් විඡේගුණවර්ධන මහතා රැකවරණය ලබාදී රටින් පැන යැමට ආධාර අනුබල දුන් නේවි සම්පත් නමැත්තා මීට දින කිහිපයකට උඩදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදි.