නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි
Spread the love

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 0112422176 හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145 දක්වා අංකවලට හෝ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ 0112393621යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ චෝදනාව මත නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන්ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

scan0001