පතාල නායක මාකඳුරේ මදුෂ්ගේ පියා බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පතාල නායකයා විසින් දිගින් දිගටම අධිකරණය මගහැරීම නිසා ඔහුට ඇප ලබාදීමට ඉදිරිපත් වූ ඇපකරු වන ඔහුගේ පියා රිමාන්ඩ් බාරයට පත් කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝග කිරීම හේතුවෙන්.
ඒ අනුව මාකඳුරේ මධුගේ පියා වන කඹුරුපිටිය ගතාර පදිචි සමරසිංහ ආරච්චිගේ පියදාස නමැත්තා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිසිය කියයි.
ඩුබායි හි රැදි සිටි මෙරට පාතාලය මෙහෙයවමින් මිනිමැරුම් කප්පම් ගැනීම ඇතුළු අපරාධවලට නිරත අමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ් නැමැත්තා අල්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.
එහි මුල් පියවර වශයෙන් ඉදිරි සතියේ ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබේ. චෝදනා ගොනු කිරිමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබුනා.

