පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ
Spread the love
පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ.
මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා සඳහන් කරයි.