ජීවත්වීම සහ පරිසර හිතකාමී පුරුදු යනු කාලයෙහි අවශ්‍යතාවයයි. සොබාදහමේ මව අපගේ මාර්ග සකස් කිරීමට සහ පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට සංඥා ලබා දෙන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතු කාලය මෙයයි.
ජල බින්දුවෙන් බින්දුව එක්වී මහා සාගරයක් නිර්මාණය වන්නා සේ ඔබ … මා වැනි දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් සොබාදහම් මාතාව ආරක්ෂා කිරීම සදහා ගන්නා වූ සෑම පියවරක් ම අනාගතයේ දැවැන්ත වෙනසක් කිරීම සදහා හේතු වනු ඇත. මෙහිදී අප අපගේ දෛනික ජීවිතයේ එවැනි අත්‍යවශ්‍ය අංගයක් වන ස්වයං රැකවරණ පුරුදු හෙවත් රූපලන්‍ය පුරුදු වෙත ද ස්වභාවිකවම අවධානය යොමු කළ යුතුය.
“අලංකාරය සහ තිරසාරභාවය සැම විටම අත්වැල් බැඳගනී. ඔබ ජීවත් වන පරිසරයට හානියක් සිදුවන විට ඔබට කිසිදා සුන්දරත්වය සැබවින්ම අත් කරගත නොහැකිය. සතුන්ට හෝ අපේ පරිසරයට වේවා. අප සතුව ඇති සෑම දෙයක්ම අත්‍යවශ්‍යයෙන්ම සොබාදහමෙන් උකහා ගත් ඒවා වන අතර එය රැකබලා ගැනීම අපගේ වගකීම වේ‘ සර්ගම් ධවාන් බයානා (Sargam Dhawan Bhayana, Director at vegan beauty brand Paul Penders Botanicals) කියයි.
රූපලවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන බයානා වඩා හොඳ ලෝකයක් ගොඩනැගීම සඳහා සැලකිය යුතු ලෙස බලපෑම් කළ හැකි වැදගත් අංශ පහක් යෝජනා කරයි.
1. ඇසුරුම්කරණය ගැන සැලකිලිමත් වන්න

රූපලාවණ්‍ය ව්‍යාපාරයේ මෙම කොටස වැඩි අවධානයක් යොමු කරන්නේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය මගින් සැලකිය යුතු පරිසර හානියක් සිදුවන බැවිනි. තවමත් ඇසුරුම්කරණයේ ප්‍රධාන අංගයක් වන ප්ලාස්ටික් මෙහි ප්‍රමුඛ පරිසර හානිකරය ලෙස ක්‍රියා කරයි. අප සිහියෙන් තොරව ප්ලාස්ටික් බෝතල් හා බහාලුම්වලට ඇලී සිටින බැවින් පරිසරය පිරිහීමට ලක්ව ඇත.
සෑම ඇසුරුම්කරණයක්ම එය පාවිච්චි කිරීමෙන් පසු පරිසරයට එකතු වන බව වටහා ගැනීම වැදගත්ය. ඔබට ඔබේ නිවසේ කසළ බදුන පරීක්ෂා කිරීමෙන් වුවද මේ හානිය පහසුවෙන් වටහා ගත හැකිය.
ඔබට මෙම හානිය අවම කර ගත හැකි ආකාරය මෙයයි:
- • කාඩ්බෝඩ් ඇසුරුම්, කඩදාසි බෝතල්, වීදුරු බෝතල් , සහ වඩාත් නවීනතම පැළෑටි ඇසුරුම් plantable packaging තෝරා ගැනීම.
- නැවත නැවත භාවිතා කිරීම – නැවත පිරවිය හැකි භාජන සහ බෝතල් යනු පෘථිවි මාතාවගේ උකුලේ තැබීමට ( කසළ බදුනට දැමීමට) පෙර ඇසුරුම් ද්‍රව්‍ය උපරිම ලෙස භාවිතා කිරීමට තවත් හොඳ ක්‍රමයකි.
- ඔබේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා, විශාල ප්‍රමාණයේ බෝතල් භාවිතයට නැඹුරු වන්න. අඩු ප්‍රමාණයයේ ඇසුරුම් ද්‍රව්‍ය භාවිතයට වඩා මෙය පරිසර හිතකාමී වන අතර එමගින් ඔබට යම් මුදලක් ඉතිරි කර දෙනු ඇත.
- සමහර වෙළඳ නාම මඟින් ඔබට හිස් බෝතල් ඔවුන්ගේ ගබඩාවට ආපසු ලබා දිය හැකි විකල්පයක් ඉදිරිපත් කරයි . මෙමඟින් ද්‍රව්‍යයේ පූර්ණ භාවිතය සහ අවශ්‍ය විටදී නිසි ලෙස බැහැර කිරීම ප්‍රවර්ධනය කෙරේ. සමහර අවස්ථාවලදී, මෙය ඔබගේ සාමාජික කාඩ්පතේ අමතර ලකුණු උපයා ගැනීමටද ඉඩ ඇත.
2. රූපලන්‍ය නිෂ්පාදනවල අමුද්‍රව්‍ය හා සංයෝග ගැන පමණක් අවධානය නොසෑහේ

පරිසර හිතකාමී මාවතක් අනුගමනය කිරීමේදී , අමුද්‍රව්‍ය සහ සංයෝග කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. ඔබ මිලදී ගන්නා නිෂ්පාදන ගණන ඔබ වැය කළ මුදලට වටිනාකමක් හෝ නාස්තියක් එකතු කරන්නේද යන්න පිළිබඳව ඔබ සැලකිලිමත් යුතුය.
එකම කාර්යයක් කරන නිෂ්පාදන දෙකක් හෝ වැඩි ගණනක් තිබීම, භාවිත කරමින් පවතින ඒවා සම්පූර්ණයෙන් භාවිතා කිරීමට පෙර අනෙක වෙත යාමට හේතු වේ. එමගින් ඔබේ මුදල් නාස්තිය හා සම්පත් නාස්ති වේ. නිදසුනක් ලෙස, නිෂ්පාදන සැකසීමේදී භාවිතා කරන ශක්තිය ඔබ පූර්ණ ලෙස භාවිතයට නොගන්නා අතර ඇසුරුම් විශාල ප්‍රමාණයක් සරල අපද්‍රව්‍ය බවට පත්වේ.
මේ නාස්තිය (මුදල් හා පරිසර) වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් මෙන්න:
- ඔබේ අවශ්‍යතා ලැයිස්තුගත කර ඔබේ රූපලවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සීමා කරන්න.
- ආවේගයෙන් සහ අනවශ්‍ය මිලදී ගැනීම් වලින් ඈත් වන්න .
- ඔබේ ප්‍රියතම රූපලාවන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ තෝරාගෙන ඒවා බඳුනේ/ ටියුබයේ අවසානය දක්වා භාවිත කිරීමට සැලකිලිමත් වන්න. (ඔබේ රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න)
- බහු කාර්ය නිෂ්පාදන ගැන සොයා බලන්න .
- නව වෙළඳ නාමයක් හෝ නිෂ්පාදනයක් මිලදී ගන්නා විට නාස්තිය වැළැක්වීම සඳහා කුඩා ප්‍රමාණ තෝරා ගන්න. ( මල්ල පිරෙන්න – හිත පිරෙන්න භාණ්ඩ මිලදී ගන්න එපා)
- • තනි භාවිතය නිෂ්පාදන වළකින්න (මුහුණ හෝ දහඩිය පිස දමන ටිෂූ කඩදාසි වෙනුවට කපු ලේන්සුවක් තෝරා ගන්න)

3. විෂ රහිත නිෂ්පාදන තෝරා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්න.
රූපලාවණ්‍ය නිෂ්පාදනවල බහුලව භාවිතා වන හානිකර අමුද්‍රව්‍ය කෙරෙහි අපගේ අවධානය යොමු කර ඇත. කෙතරම්ද යත්, පැරබෙන් රහිත (Paraben-free) සල්ෆේට් රහිත, තැලේට් රහිත (Phthalate-free) සහ කෘතිම නොවන (Non-synthetic) ද්‍රව්‍ය රූපලාවන්‍ය අත්‍යවශ්‍ය දෑ තෝරා ගැනීමේදී එය පිරික්සුම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
විෂ ද්‍රව්‍ය පරිසරයට හානි කරනවා පමණක් නොව තමන්ගේ ශරීරයට දිගුකාලීන හානියක් සිදු කරන්නේ කෙසේද යන්න වැඩි වැඩියෙන් ජනතාව වටහාගෙන සිටිති.
මෙහිදී ඔබට පැහැදිලිව හදුනාගත යුතු විෂ රසායනික පහත දැක්වේ.
• සල්ෆේට් සංයෝග සහිත ( Sulphates) සබන්, ෂැම්පු වර්ග
• රසදිය මිශ්‍ර රූපලාවන්‍ය නිෂ්පාදන
• සිලිකොන් Silicones , කීම් සහ අනෙකුත් ආලේපන වල සුමට කාරකයක්
• ඛනිජ තෙල් , බොරතෙල් කර්මාන්තයේ ලාභ අතුරු නිෂ්පාදන
• ස්ටෙරොයිඩ් Steroids – වර්තමානයේ බහුලව භාවිතා කරන ඇතැම් fairness creams
• Diazolidinyl යූරියා
• Hydroquinone – වත්මන් fairness creams වල බහුලව අන්තර්ගත වේ.
• Paraphenyline diamine කේශ ඩයි
4. තත්ත්වයෙන් බාල Poor quality makeup products රූපලාවන්‍ය නිෂ්පාදන

වර්තමාන අගුලු දැමීමේ අවස්ථාව සහ නිෂ්පාදන හිගය මඟින් කාබනික රූපලාවණ්‍ය නිෂ්පාදන නැවත භාවිතා කිරීමට අවස්ථාව ලබා දී ඇත. පාරම්පරිකව භාවිත කළ බොහෝ රූපලාවන්‍ය වට්ටෝරු සහ රහස් වට්ටෝරු බොහෝ දෙනකු සතු වන අතර ඒවා දැන් යළි භාවිතයට කාලය පැමිණ ඇත. මේවා සම්පූර්ණයෙන්ම විෂ රහිත වන අතර එහි පිරිසිදු ස්වරූපයෙන් ලබා ගත හැකිය.
ඔබේ සම සහ හිසකෙස් සඳහා අරුමපුදුම දේ කළ හැකි ඔබේ මුළුතැන්ගෙයි කැබිනට්ටුවෙන් පහසුවෙන් ලබා ගත හැකි මැණික් මෙන්න.
• කඩල පිටි Gram Flour
• කෝමාරිකා
• චියා බීජ Chia Seeds
• රහිත තේ – (Green Tea)
• ඇපල් සයිඩර් විනාකිරි Apple Cider Vinegar
• ෂියා බටර් – Shea Butter
• ඔලිව් තෙල්
• ඉඟුරු
• ලෙමන්
5. සත්ව තෙල් මිශ්‍ර නිෂ්පාදන ‘එපා කියන්න‘

ඔබ නිෂ්පාදනයක් හෝ වෙළඳ නාමයක් ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට පෙර ‘කුරිරුකම් රහිත‘ (cruelty-free sign before you make a product or brand) ලකුණ පරීක්ෂා කරන්න.
එයින් ඇඟවෙන්නේ අදාළ නිෂ්පාදනයට කිසිදු සතෙකු පරීක්ෂා කිරීම හෝ නිෂ්පාදන ක්‍රියාවලියේදී කිසිවෙකුට හානි කිරීම /ඝාතනය කිරීම ඇතුළත් නොවන බවයි.
රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ සත්ව පරීක්ෂාව (Animal testing) පොදු සම්මතයක් වී ඇති අතර, මෙම පරීක්ෂණ බොහොමයක් වේදනාකාරී වන අතර සත්වයාට හානිකර වන අතර සමහර අවස්ථාවලදී මාරාන්තික සිදුවීම් පවා සිදු වේ.
සදාචාරාත්මක පදනමක් මත ශක්තිමත්ව සිටීමට නම්, සතුන්ට කිසිදු ආකාරයකින් හානියක් නොවන සත්ත්ව ආහාර වලින් තොර රූපලාවණ්‍ය විකල්පයන් සලකා බැලිය හැකිය. මෙම නිෂ්පාදන කිසිදු සත්ව අමුද්‍රව්‍යයක් හෝ සූරාකෑමකින් තොරය.
Femina.in හි පළ වූ ලිපියකි – සැකසුම – තුෂාධවි