කැබිනට් ඇමැතිවරයෙක්, පාතාල සාමාජිකයන් 5 දෙනකු, ඔහුගේ රැකවලුන් ලෙස තබා ගෙන තිබෙනවාද යන්න පිළිබඳව පරීක්‌ෂණයක් පවත්වන ලෙස පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලන ලෙසත් එම කරුණ පිළිබඳවද තමන් දැනුවත් කරන ලෙසත් අදාළ අංශවලට තමන් දැනුම් දුන් බව අගමැතිවරයා පැවසීය.
කාන්තාවන් දූෂණය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයාව පක්‌ෂයෙන් ඉවත් කර ගන්න බැරි වුණ, පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වූ හොරු තියාගෙන හිටපු අයට මෙවැනි දේවල් ගැන ප්‍රශ්න කරන්න තිබෙන අයිතිය කුමක්‌දැයි අගමැතිවරයා එහිදී විමසා සිටියේය.
යහපාලන රජයේ ඇමැතිවරයකු ආරක්‌ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් 05 දෙනකු තබා ගෙන සිටිනවා නම් රටේ ආරක්‌ෂාව පිළිබඳව ආණ්‌ඩුවට දෙන්න පුළුවන් සහතිකය කුමක්‌දැයි එජනිස මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිවරයා එසේ කීය.
පාතාලයා් 5ක් ඇමැති රැකවලේ ඉන්නවාදැයි බලන්න අගමැති පොලිසියට දන්වයි
