පාසල් දැරියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරපු සිසුවාට වැඩ වරදී

පාසල් දැරියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරපු සිසුවාට වැඩ වරදී
Spread the love

යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට පවසා ඇත. එමෙන්ම මෙම දර්ශන තම මිතුරන්ට ලබාදෙන බවද පාසල් සිසුවා විසින් එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් පාසල් සිසුවියට දන්වා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ගාල්ල පොලිසියේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය මගින් පාසල් සිසුවියකගේ අසභ්‍ය දර්ශන වීඩියෝගත කොට එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 ගාල්ල පොලිසිsයේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක්‌ සිදු කරනු ලැබීය. පාසල් සිසුවියක්‌ අපයෝජනයට ලක්‌කොට එම දර්ශන වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදාහැර, ලිංගික කටයුතු කිරීමට පාසල් සිසුවියට දිගින් දිගටම ඇවිටිලි කිරීම යන චෝදනාව යටතේ පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
 
 පාසල් සිසුවිය වයස අවුරුදු 16 ක්‌ හා මාස 07 ක්‌ වියෑති දැරියක්‌ වන අතර ඇය ගාලු නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන සිසුවියකි. පාසල් සිසුවාද ගාල්ල නගරයේ පිහිටි පාසලක ඉගෙනුම ලබයි. මෙම පාසල් සිසුවිය හා සිසුවා අතර ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබී ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පසුව මොවුන් දෙදෙනා ගාල්ල ධර්මපාල උද්‍යානයට පැමිණ කථා බස්‌ කරමින් සිට ඇත. නිදහසේ කතා කිරීම සඳහා රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට යෝජනා කොට ඇත. ඒ අනුව පාසල් සිසුවිය ද කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත. පසුව දෙදෙනා රූමස්‌සල කඳු වැටිය පහළට ගොස්‌ ඇති අතර පාසල් සිසුවා විසින් පාසල් සිසුවිය අපයෝජනයට ලක්‌ කොට එම දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට ඇත. මේ අයුරින් පසුගිය අගෝස්‌තු මාසයේ දින හතරක්‌ මෙම පාසල් සිසුවා සිසුවිය රූමස්‌සලට ගොස්‌ ඇති බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මුල්දින දෙක තුළ පාසල් සිසුවිය කැමැත්තෙන් පාසල් සිසුවා සමඟ රූමස්‌සලට ගොස්‌ ඇත.
 
 යළි පාසල් සිසුවා විසින් රූමස්‌සලට යැම සඳහා පාසල් සිසුවියට කතා කොට ඇත. එහිදි පාසල් සිසුවිය ඒ සඳහා අදිමදි කොට ඇත. රූමස්‌සල යැම සඳහා තමන් සමග නොපැමිණියහොත් අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පාසල් සිසුවා විසින් පාසල් සිසුවියට පවසා ඇත. එමෙන්ම මෙම දර්ශන තම මිතුරන්ට ලබාදෙන බවද පාසල් සිසුවා විසින් එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් පාසල් සිසුවියට දන්වා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 මේ පිළිබඳ විමර්ශනය කළ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය මගින් පළමුව අන්තර් ජාලයට මුදාහැර තිබූ පාසල් සිසුවියගේ අසැබි වීඩියෝ දර්ශන දකුණු පළාත් පරිගණක ඒකකයේ සහාය ඇතිව අන්තර් ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. පසුව පාසල් සිසුවා හා සිසුවිය අතර ඇතිවූ දුරකථන සංවාද හා එස්‌. එම්. එස්‌. පණිවුඩ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. මේ අයුරින් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන ඇතැම් ලාබාල පෙම්වතුන් පෙම්වතියගේ අසභ්‍ය දර්ශන වීඩියෝගත කොට අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ලාබාල පෙම්වතියන් දඩමීමා කරගන්නා බවද කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශය පවසයි.
 
 සැකකාර පාසල් සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර ගාල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන මහතාගේ උපදෙස්‌ මත ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගාල්ල පොලිසියේ කොට්‌ඨාස හා ළමා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා අල්ගෙවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් විමර්ශනÊය කොට පාසල් සිසුවා අත්අඩංගුවට ගනු ලැබීය.