අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකු හෝටලයක කාමරයක නවතා නිර්වස්ත්‍ර කර ඡායාරූප ගත් එම පාසලේම ක්‍රීඩා ගුරුවරයකු පොලිසිය විසින් (31දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ගුරුවරයාගේ මේ අශෝභන ක්‍රියාවට මැදිවී ඇත්තේ 16 හැවිරිදි ශිෂ්‍යාවන්ය.
ක්‍රීඩාවට දක්ෂ මේ ශිෂ්‍යාවන් දෙදෙනා ඔවුන් ඉදිරි ක්‍රීඩා තරග සඳහා වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට කොළඹ රැගෙන යා යුතු බවට පවසා එම අදාළ ගුරුවරයා විසින් පසුගිය මස 29 දා ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන ඇවිත් ඇති බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
ක්‍රීඩා ගුරුවරයා හා පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් එහිදී ගුරුවරයා විසින් එම ශිෂ්‍යාවන් දෙදෙනා නිරුවත් කොට ඡායාරූප ගතකර ඇති බවත් එම නිලධාරියා කීය.
ශිෂ්‍යාවන් නිරුවත් කොට ගන්නා ලද ඡායාරූප ගුරුවරයා විසින් එම ස්ථානයේදීම අන්තර්ජාල ගතකරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඔහු පැවැසීය.
පොලිසියට ලද තොරතුරකට අනුව මේ හෝටලය වටලා අදාළ සැකකාර ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසූ විටදී එම නිලධාරියා සඳහන් කෙළේය.
පොලිස් භාරයට ගත් ශිෂ්‍යාවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකොට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රීඩා ගුරුවරයා වයස අවුරුදු 33ක් වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ පොලිසිය විසින් පවත්වනු ලබයි.

