පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…

පාසල් සිසුවියක නිල ඇදුමින්ම නිවසට ගෙන්වාගෙන යහන් ගතවු 20 තරුණයාට අන්තිමේ වෙච්ච දේ මෙන්න…
Spread the love

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක සමඟ ඇසුරක් පවත්වා,  එය තම  ජංගම දුරකථනයෙන් පටිගත කල අනුරාධපුර නව නගරයේ පදිංචි තරුණයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීනන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිසුවියගේ මවුපියන් විසින් අදාල තරුණයාට සිය දියණිය විවාහ කර දීමේ පුවතක් වාර්තා වනවා.

සැකකාර තරුණයා පසුගිය 11 වැනිදා  සිය පෙම්වතිය පාසල් ඇඳුමෙන් ඔහුගේ නිවෙසට ගෙන්වාගෙන ඇති අතර පාසල් සිසුවියක් අවේලාවේ එම නිවෙසට පැමිණෙනු දුටු  අසල්වාසියකු විසින් ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට දන්වා තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එහි පැමිණ 18 හැවිරිදි සිසුවිය සහ 20 හැවිරිදි තරුණයා පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳව සිසුවියගේ මවුපියන්ට දන්වා තිබෙනවා. ඒ අනුව වෘත්තියෙන් ගුරුවරයෙකු වන සිසුවියගේ පියා පොලීසියට පැමිණ තිබෙනවා. 

හෙලි කරගත් කරුණු අනුව සැකකාර තරුණයා ගංජා, හෙරොයින් හා තවත් දුසිරිත් ක්‍රියාවන් රැසකට ඇබ්බැහි වී ඇති අතර  සිසුවිය නිවෙසට ගෙනැවිත් පැවැත්වූ ඇසුරේ සෑම තත්පරයක්ම ජංගම දුරකථනයේ පටිගත කර ඇති ආකාරය තරුණයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව තරුණියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ස්ත්‍රී දූෂණයකට ලක් කිරීමේ චෝදනාව මත  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සිදුකරනු ලැබුවත්  සිසුවියගේ මවුපියන් එම දඬුවම අවශ්‍ය නැති බව පවසා තම දියණිය සහ ඇසුර පැවැත්වූ තරුණයාව විවාහ කර දීමට කටයුතු සිදුකර තිබුණා.