මාරාන්තික ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දින තුනක් යනතුරු රෝග ලක්ෂණ කිසිවක් නැහැ. අලුත් ඩෙංගු රෝගය තමන්ට වැළදිලාදැයි හදුනා ගන්නා අයුරු මෙන්න !.
රට පුරාම සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය ජාතික ව්‍යසනයක් දක්වාම පැතිර ගොස් අවසන් . මේ වසරේ පැතිර යන ඩෙංගු රෝගය පෙර වසර වලට වඩා වෙනස් රෝග ලක්ෂණ වලින් යුක්ත බවට බොහො දෙනා පවසනවා. රෝගයේ පැතීරීමේ සිට රෝග ලක්ෂණ දක්වාම ඩෙංගු රෝගය වෙනස් ව ඇති බවයි සමාජ ජාලා මාධ්‍ය වල සදහන් වන්නේ.
නාගරීක හා තදාසන්න ප්‍රදේශ වලට සීමා වී තිබු ඩෙංගු රෝගය මේවන විට ගම්බද ප්‍රදේශ දක්වාම පැතිරී අතර මිනිස් ක්‍රියාකාරකම් එයට හේතූව බව පැහැදිළියි.
වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව අලුත් ඩෙංගු රෝගය හා එහි රෝග ලක්ෂණ පිළිබදව දැක්වූ අදහස් පහතින්
“මාරාන්තික ඩෙංගු රෝගය” මුලින්ම වැළඳෙන්නේ වෛරස් උණ රෝගයක ස්වරූපයෙන්. ඇඟපත වේදනාව, හිසරදය, කැරකිල්ල, සමඟ හටගන්න උණ නිසා මෙවර කෑම අරුචිය තරමක් දරුණු ලෙස ඇති වන බව සොයාගෙන තිබෙනවා. අස්ථි සහ මාංශපේශිවල වේදනාව සමඟ උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගීන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයන්. කුද්දැටි ඉදිමීම සහ පාචන තත්ත්වය මෙයට පෙර ඩෙංගු රෝගීන් අතර දක්නට නොලැබුණත් මෙවර එම රෝග තත්ත්වයන්ද උණ වැළඳුණු පළමු දින කිහිපයේදීම රෝගීන් අතර දක්නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක් තිබෙනවා. මෙතෙක් කල් අප පුරුදු වී සිටියේ, උණ වැළඳීමෙන් පසු තෙවැනි දිනයේදී රුධිර පට්ටිකා පරීක්ෂාව හෙවත් ප්ලේට්ලට් පරීක්ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා මුල් අවස්ථාවලදී පහත නොයන තත්ත්වයක්ද දක්නට ලැබෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බවක් දින තුනක් හෝ හතරක් යන තුරුත් නොපෙන්වා සිටියද දින හත ආසන්න වෙත්ම සීඝ්‍රලෙස රුධිර පට්ටිකා පහත යන අන්දමක් දක්නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්තපාත තත්ත්වයට රෝගියා පත් වීම අවදානමට අත වැනීමක්. මේ හේතුව නිසාම උණ වැළඳී දින තුනකින් රුධිර පට්ටිකා පරීක්ෂාවකින් පමණක් සෑහීමකට පත්ව නිහඩව සිටින්න එපා.
දැන් ඩෙංගු හඳුනා ගැනීම සදහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්ෂාව උණ වැළඳි පළමු දිනයේදීම සිදු කරවා ගත හැකියි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එතැන් සිට පැයෙන් පැය සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස් කිරීම සදහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්සේ සෘජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයද නොඅඩුව ලබා දිය හැකියි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය සහ හෙදියකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ, කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාරයට ගැනීමටත් ඒවා එම ප්‍රමාණයන්ගෙන්ම සිරුරෙන් බැහැර වන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසයි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනැවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යැමෙන් වළක්වා ගත හැකියි.
ඩෙංගු රෝගය වැළඳී ඇති රෝගියෙකු ගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාර්ලි, ජීවනී එක් කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැයට ආසන්න හෝ එම පැහැයෙන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි මේ අතර කාබනේට යෙදූ (ගෑස් සහිත) බීම වර්ග ද නොගත යුතුයි.
ගර්භනී කාන්තාවන් හෝ දිගුකාලීනව බෝ නොවන රෝග හෙවත් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදරෝග ස්නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවදානම් සහිත පුද්ගලයින්ට උණ වැළඳි අවස්ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි.
මෙවර ද බාල තරුණ වැඩිහිටි මහලු ආදී සෑම වයස් කාණ්ඩයකටම අයත් පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරුව ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇති සෙයක් දක්නට ලැබෙනවා.
ඩෙංගු මදුරු කීටයන් බෝ වීම වළක්වා ලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හොදම විසඳුම වුවද දැන් දැන් ඒ සඳහා ද කැපව කටයුතු නොකරන බවක් දක්නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තැබෙන ඊයම් පැහැති රදවනයේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තැබිය හැකියි. බිත්තරයක් ජීවී තත්ත්වයෙන් අධික කාලයක් පැවතිය හැකි බැවින් පවිත්‍රතා කටයුතු දින පහෙන් පහකට වතාවක් වත් සිදුකළ යුතුවෙනවා. මදුරුවා මීටර් පන්සීයක දුරක් පියඹා යන බැවින් අපගේ නිවස අවට පමණක් පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යෙන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සෙසු උදවියගේ නිවාස අවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම ඔබගේ නීරෝගීකමට හා ජීවිතය ආරක්ෂා කරගැනීමට හේතුවක් වෙනු ඇති.

