පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් දිලීප පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.
මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස් ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස් තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.
මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස් තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.

