පිටකොටුව තොග වෙළෙදපොළේ ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

පිටකොටුව තොග වෙළෙදපොළේ ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’
Spread the love

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන විශ්වාසය ආනයනකරුවන් තුළ තිබූ බවයි.

ඉන්දියාව ලොකු ලූනූ අපනයනය තහනම ඉවත් කරාවි යන විශ්වාසය මත පිටකොටුව තොග වෙළඳුන් හා ආනයනකරුවන් තුර්කිය නෙදර්ලන්තය ඇතුළු රටවලින් ලොකු ලූනූ ආනයනය නොකළ බව පැවසූ හේමක මහතා මෙරට ආනයනකරුවන් කීප දෙනෙකු ඉන්දියාවෙන් ලොකු ලූනූ මෙට්‍රික් ටොන් 2000ක් පමණ ඇණවුම් කර ඇතත් එම ලූනූ කන්ටේනර් ඉන්දියාවේ වරායේ රඳවා ඇති බවද සදහන් කළා.

ඉන්දියාව සහ පාකිස්ථානය ලොකු ලූනූ අපනයනය තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් හේතුවෙන් පිටකොටුව ආනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මෙන්ම අපහසුතාවකට පත්ව ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.