පීඩාවට පත් අයට හැඳුනුම්පත් ගන්න විශේෂ වැඩපිළිවෙළක්

Spread the love

විපතට පත් වු ප්‍රදේශවල ජනතාවගේ නැති වූ ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

හැඳුනුම්පත නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ග්‍රාම නිළධාරිවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකියි.

ඊට අදාළ අයදුම්පත් ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් ලබා ගත හැකි බව  පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ඉල්ලුම්පත් සඳහා ප්‍රමුඛතා ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

[rns_reactions]