කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී ඇත.
කාලයක් තිස්සේ අසනීප තත්වයේ සිටි උන්වහන්සේ අද (03) අලුයම අපවත් වී ඇති අතර අපවත් වන විට වන්වහන්සේ 54 වැනි වියේ පසුවිය.බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානත්වය දැරූ උන්වහන්සේ ධර්මප්‍රචාරය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල සඟරුවණකි.