පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..

පෙම්වතිය සමග අඹු සැමියන් සේ හැසිරී දර්ශන පටිගත කරළා – විඩියෝ ලිංකුවෙන් බුකිය ගිණි ගනී..
Spread the love

සිය හිටපු පෙම්වතිය සමග අතීතයේ අඹුසැමියන් ලෙස හැසිරී එම දර්ශන රූගත කර ගනිමින් , ඇයව බිය ගන්වා මුදල් ලබා ගත් පුද්ගලයෙකු පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 2016 වසරේ සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී ඇත. එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කර ඇත. එහෙත් මෙම පුද්ගලයා ඇයත් සමඟ අඹුසැමියන් සේ සිටි දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව ද දෙමාපියන්ට හා ඇයගේ හිතවතුන්ට ද බලා ගැනීමට සලස්‌වන බව ද කියමින් වරින්වර ඇයගෙන් මුදල් ඉල්ලන්නට පටන් ගෙන තිබේ.

ඔහුගේ බිය ගැන්වීම මත ඇයගේ ආත්තම්මාට පමණක්‌ මේ බව කියා ඇගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගෙන දී ඇත. ණයට ද මුදල් ගෙන ඔහුට දී ඇත. එහෙත් ඔහු ඉන් සෑහීමකට පත් නොවී ඇය බිය ගන්වමින් වරින්වර කරන කරදරයෙන් බේරීමට ආත්තම්මාගේ ඒ.ටී.එම්. කාඩ්පත හා රහස්‌ අංකය ද ලබාදී තිබේ. ඒ වනවිට ඔහු ඇයගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් 11,29400.00 කි.

කෙසේ වෙතත් මුදල්ද ලබා ගත් මෙම සැකකරු එම විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ. පසුව එම තරුණිය සිය මවුපියන්ට සියලු විස්‌තර පවසා පසුගිය දින මවුපියන් ද සමග පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

ඉන්පසුව පොලිසීය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සදහන්.