මූල්‍ය ආයතනයන් හි පොරොන්දු නෝට්ටුවල (Promissory note) ආයෝජනය කිරීමේ දී ආයෝජකයින් ඒ පිළිබඳ දැනුවත් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අවධාරණය කරයි.
අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ පොරොන්දු නෝට්ටු තැන්පතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සඳහා සුදුසුකම් නොලබන බවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කළ නියෝජ්‍ය අධිපතිවරයා – ‘මූල්‍ය ආයතනවල තැන්පතු, රක්ෂණ ආවරණයකට යටත් වෙලා තියෙන්නේ. නමුත්, තැන්පතු කියන නිවර්වචනය යටතේ සමහර වෙලාවට ‘පොරොන්දු නෝට්ටු‘ තිබෙන්න පුළුවන්. ඒ පොරොන්දු නෝට්ටු මේ යෝජනා ක්‍රමයට අයිති නැහැ. ඒ නිසා සමහර වෙලාවට වැරදි අවබෝධයක් ඇතිවෙන්න පුළුවන්සමහර අයට ඔය නිර්වචන විවිධාකාරයෙන් තියෙන නිසා, පොරොන්දු නෝට්ටුත් මේ තැන්පතු ණය රක්ෂණ යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජනය කරන අයත් මෙය දැන ගත යුතු කරුණක්. ඒ නිසා අපි මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ, මේ තැන්පතු ආවරණය යටතේ ඉන්න අයට පමණයි මේ ආරක්ෂාව ලැබෙන්නේ. “