පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී
Spread the love

වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවත් ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් වන  අතර මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇත.