ශ්රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් කරමින් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ උතුම් පෙසොන් පුර පසළොස්වක පොහොය අදයි.
මහින්දාගමනය ජාතික චින්තනය සහ සංස්කෘතිය සමග බැඳී පවතින්නේ නව දේශීය ශිෂ්ටාචාරයකට මග විවර කිරීම හේතුවෙන්.
මිහිදු මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් දේවානම් පියතිස්ස රජු ඇතුළු සමස්ත ශ්රී ලාංකිකයින් තිසරණ සහිත පංච සීලය සමාදන්ව බෞද්ධයන් බවට පත් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
ඒ සමග ජනතාවගේ සාරධර්ම, සිතුම් පැතුම් හා සිරිත් විරිත් පෝෂණය වූයේ නව චින්තනයකින්. සමාජ හා ආර්ථික පරිවර්තනය මෙන්ම ගුණධර්ම වර්ධනය වීමත්, සමාජයේ පැවැත්මට මහෝපකාරී වන දර්ශනයක් රටේ ස්ථාපනය වීමත් සිදු වූයේ මහින්දාගමනයේ ප්රතිඵලයක් ලෙසින්.
[rns_reactions]