වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් යන බන්ධනාගාර තුනෙහි ආරක්ෂාව හා පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් හා තහනම් ක්‍රියා මැඬ පැවැත්වීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
මේ පිළිබඳව අමාත්‍යාංශය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මූලස්‌ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සහායට අලුතින් පිහිටු වූ බන්ධනාගාර පොලිසියේ නිලධාරීන්ද යෙදවීමට නියමිතව ඇත.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ නියෝගයකට අනුව බන්ධනාගාර බුද්ධි ආරක්‌ෂක ඒකකය විසුරුවා හැරීමෙන් පසු නව බන්ධනාගාර පොලිසිය පිහිටුවනු ලැබීය.