පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි.
සාමාන්‍ය සේවා පරිපාලනය General Services Administration (GSA) කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු වූයේ මිචිගන් ප්‍රාන්තයේ බිඩෙන් මහතාගේ ජයග්‍රහණය නිල වශයෙන් සහතික කිරීමත් සමඟ ය. එය ට්‍රම්ප් මහතාට විශාල පහරකි.
ජීඑස්ඒ නිවේදනයෙන් පසුව පෙන්ටගනය කියා සිටියේ බිඩෙන් කණ්ඩායමට සහයෝගය ලබා දෙන බවයි.
‘දෙපාර්තමේන්තුවේ මහජන අපේක්ෂාව සහ ජාතික ආරක්ෂාව සඳහා අපගේ කැපවීමට සරිලන පරිදි වෘත්තීය, විධිමත් හා කාර්යක්ෂම ආකාරයකින් එය සිදුකරනවා”
“අද දවසේ තීරණය වසංගතය පාලනය කර ගැනීම සහ අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව අපේ ජාතිය මුහුණ දෙන අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවරකි” යනුවෙන් ජෝ බිඩෙන් කණ්ඩායම් ප්‍රකාශයක් පැවසීය.
“මෙම අවසාන තීරණය ෆෙඩරල් ආයතන සමඟ සංක්‍රාන්ති ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කිරීම සඳහා වූ නිශ්චිත පරිපාලනමය පියවරකි.”
බිඩෙන් පසුගිය දා ඔබාමා පාලනාධිකාරයේ වසර ගණනාවක් කටයුතු කළ පැරණි සගයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කළේය.
ඔහු රාජ්‍ය ලේකම් ලෙස ඇන්තනි බ්ලින්කන් සහ දේශගුණ දූතයා ලෙස ජෝන් කෙරී පත් කරනු ඇති අතර ජැනට් යෙලන් එක්සත් ජනපදයේ පළමු භාණ්ඩාගාර ලේකම් ලෙස පත්වනු ඇත.