රජය විසින් ඉන්ධන මිල නැවත වැඩි කළ නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සියලු බස් සංගම් සමග සාකච්ඡා ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.රජය විසින් නිතර නිතර ඉන්ධන මිල ගණන් මෙලෙස වැඩි කිරීම බස් කර්මාන්තකරුවා දැඩි අපහසුතාවට පත් වන බව හෙතෙම පවසයි.
මේ අතර ත්‍රිරෝද රථ හිමියන් මෙවර වැඩි වූ පෙට්‍රල් මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි. කෙසේ වෙතත් රජය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්ම වුවහොත් ත්‍රි රෝද රථවල දෙවන කිලෝමීටරය සඳහා අය කරන රුපියල් 40.00රුපියල් 5.00කින් වැඩි කරන බවද ඔහු කීය.
පාසල් වෑන් රථ හිමියන් ගාස්තු වැඩි කිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත.