විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් හා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් බැඳුම්කර ගනුදෙනු සඳහා යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ රුපියල් මිලියන 141 ක මුදලක් පාඩුවක් ද, විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට තවත් රුපියල් මිලියන 5 ක අවම පාඩුවක් ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් හරහා සිදුව ඇති බවයි.
මෙම ගැටලුව ඇතිවන අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ කබීර් හෂීම් මහතා බවද ඔහු කියා සිටි අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (ෆුටා) නියෝජිතයින් මේ පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවද මෙහිදී ඔහු පැවසුවේය.
