මාතර ප්‍රදේශයේදී ඊයේ දින (22) සිදුවු මංකොල්ලයක් ආන්දෝලනයට තුඩු දුන්නා. මෙහිදි එම මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම සංවේදී සිදුවීමක් වුනා.
මේ අතර පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සහ මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා. ඒ පොලිස් නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වීමේදියි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පාතාල සාමාජිකයා එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
මියගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව සදහන්.