තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස් මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක් හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවාය.
මෙසේ දඬුවම් නියම වූයේ චන්න සුජීව වීරසිංහ නම්වූ අයටයි.
2012 ජුනි මස 20 වැනි දින සිදුවූ මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.
මෙහිදී රජයේ අධිනීතිඥ ෂර්ලි විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක් පෙනී සිටියහ.

