දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලීසිය පවසයි.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයකු බවත් මැතිවරණ ප‍්‍රාචාරක කුඩා රැස්වීම් කිහිපයකට සහභාගි වි නිවසට යමින් සිට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන අතර සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
