බුද්ධදාස රජුගේ ඔසු උයන නමින්ද හැඳින්වෙන බිබිල නිල්ගල වන රක්‌ෂිතයට අයත් පුවක්‌පැළේ ප්‍රදේශයේ පසුගිය 17දා හටගත් ගින්නකින් එම රක්‌ෂිතයේ අක්‌කර සියයක් පමණ දැවී විනාශ විය.
මෙම නිල්ගල රක්‌ෂිතය අරළු, බුළු, නෙල්ලි, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක මෙන්ම වටිනා දැවමය ශාක වර්ග ද විවිධ සත්ත්ව වර්ග රැසකින් ද සමන්විත අක්‌කර හැටපන්දහසක පමණ ප්‍රදේශයක පැතිරුණු වනාන්තරයකි. බිබිල අඩවි වන නිලධාරීන් මෙම ගින්න පාලනය කළද පවතින ශුෂ්ක පරිසරය හා සුළං හේතුවෙන් මෙහි හටගන්නා ගිනි පැතිරී යැම පාලනය කිරීම ඉතා අසීරු බව වනජීවී නිලධාරීහු පවසති.
