බොලිවුඩ් රජු ෂාරුක්ගේ දියණිය ‘සුභානා’ විලාසිතා ලෝකය කළඹයි !

බොලිවුඩ් රජු ෂාරුක්ගේ දියණිය ‘සුභානා’ විලාසිතා ලෝකය කළඹයි !
Spread the love

බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ වන විට බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනාගත් තරුණියක්. සිය පියාගේ අසහාය කීර්තිය හා සමාජ බලය පමණක් නොව මේ වන විට ඇය විසින් තනිව ගොඩනගා ගත් වටිනාකමක් සුභානා සතුය.

බොලිඩුව් විචාරක සංජේ පණ්ඩෙක්කාර් සුභානා ගැන මෙසේ කියයි. ‘ සුභානාගේ ශෛලිය පිළිබඳ හැඟීම ඇගේ පියාගේ සරල හා සුපිරි විලාසිතාවන්ට සමානයි. ඇය ඉතාම සරල ආභරණ කිහිපයකින් හෝ සරල ඇදුමකින් අපූර්වත්කවක් මවනවා. එය ඇයටම ආවේනික වටිනාකමක් සහ සුන්දරත්වයක් එක් කරනවා. ඒ වගේම සුභානාගේ විලාසිතා ලෝකයේ ඕනෑම තරුණියකට පහසුවෙන්, ඉතා පහසුවෙන් අනුකරණය කළ හැකියි. මං හිතන්නේ සුහානා කවදා හෝ බොලිවුඩයට හැරුනහොත් ඇය අති සාර්ථක නිළියක් වගේම නිරූපිකාවක් වෙයි‘

ඇයට දැනටමත් ඉන්ස්ටග්රෑම් හි මිලියන ගණනක රසික පිරිසක් සිටින අතර ඇයගේ ඡායාරූපයක් වහාම කොරෝනා වෛරසය මෙන් ව්‍යාප්ත වේ.

සංජේ තව දුරටත් සුභානා ගැන මෙසේ ද කියනවා. ‘වයස අවුරුදු 18 දී ඇය ඉතා සුවිශේෂී හා පෞද්ගලික ශෛලියක් වර්ධනය කර ගෙන තිබෙනවා. ඇයගේ සැපපහසු, නමුත් සැහැල්ලු හැඩකාර පෙනුමෙන් ඇය සියලු දෙනාගේම ඇස් තමා වෙත යොමුකර ගන්නවා. ජනප්‍රිය තරු ළමයෙක් වන ඇය ඩිජිටල් යුගයේ සෑම යෞවනයෙකුගේම සිහිනයක් බවට පත්ව තිබෙනවා‘

ඉතිං, බොලිවුඩයේ සුපිරිම නළුවා, කිං ඛාන්ගේ දියණියගේ සුපිරි, නමුත් සරල විලාසිතා නොබලන දෑස් කුමකටද කියලා නේද හිතෙන්නේ ?

සුහානා ඛාන් විලාසිතා ඉලක්ක සකසයි
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න

අවම ස්වර්ණාභරණ වෙනත් ආකාරයකින් මූලික පෙනුමක් සඳහා සියුම් අංග එකතු කළ හැකිය.

සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න
සිසිල් ළමයින් සඳහා විලාසිතා ඉලක්ක සකසන්න

femina.india – සකස් කළේ – තුෂාධවි