මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්‌ථානයෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්‌ථානයේ කැණීම් කටයුතු නැවත 21 වැනිදා ආරම්භ කළ බව පරීක්‍ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්‍ෂ මහතා පැවැසීය.
සමූහ මිනීවළ කැණීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර 56 වැනි දිනට 21 වැනිදා නැවත කැණීම් කටයුතු සිදුකෙරිණි.
අදාළ සමූහ මිනීවළ කැණීම තුළින් මේ දක්‌වා මිනිස් සිරුරු 66 කට අදාළ අස්‌ථි කොටස් හමුවී ඇති බව පරීක්‍ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්‍ෂ මහතා පැවැසීය.
ඔහු පැවැසුවේ සොයාගත් අස්‌ථි කොටස්‌වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැණීම් මගින් ඉවත්කර ගැනීමට හැකිවී ඇති බවයි.
කැණීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රd තබා මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මුලින් පස් ඉවත් කළ කොටසේ අස්‌ථි සෙවීමේ කටයුතු මේ වන විට මතුකරගෙන පවතින අතර අදාළ ස්‌ථානයට එපිටින් වන අනෙකුත් ස්‌ථාන කැණීම් පරීක්‍ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවැසීය. මන්නාරාම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගොස් තිබිණි. ඒ අනුව මන්නාරාම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්‌ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්‌ථානය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුණි.
මන්නාරම පොලිසිය අදාළ ස්‌ථානය සම්බන්ධයෙන් මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ජී. ඇලෙක්‌ස්‌රාජාගේ නියෝග යටතේ අදාළ ස්‌ථානයේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.
පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 56 ක කාලයක් අදාළ ස්‌ථානයේ මේ වන විට පරීක්‍ෂණ පවත්වා ඇති අතර එහිදී මිනිස් සිරුරු 66 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්‌ථි කොටස් සොයාගෙන ඇති බව මන්නාරාම පොලිස් නිලධාරීහු පැවැසූහ. කැලණිය විශ්විවද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාඡ් සෝමදේව මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවැති ස්‌ථානයෙන් හමුවූ මිනිස් අස්‌ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.
අදාළ අස්‌ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්‌ථි කොටස් පවතින බවත් තවත් ස්‌ථානයක හමුවූ අස්‌ථි කොටස් අක්‍රමවත් ආකාරයට තිබෙන බව නිරීක්‍ෂණයවූ බවත් හෙතෙම සඳහන් කළේය.