මල්ලී බේරා ගන්න ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම කෝච්චියට හසුවුණා

Spread the love

මාරයා සැඟව සිටින්නේ කොයි ඉසවුවකද යන්න අපි කිසිවකුටත් කිව නොහැක.වසර තුනක් සිංගප්පුරු රාජ්‍යයේ සිට අධ්‍යාපනය හදරා කිලෝමීටර් දහස් ගණනක දුරකතරක් ගෙවා කරදිය වලල්ල පසුකර සිය දෙමාපියන් හා සහෝදරයන් සමඟ සතුටින් කාලය ගත කිරීට පැමිණි අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි තරුණයාට සිය බාල සහෝදරයා සමඟින් සැගවී සිටි මාරයා සමඟ මෙලොවින් නික්ම යන්නට සිදුවුණී.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය ස්ථාන අතරදී දුරකථනයෙන් ස්වයං (සෙල්ෆී) ඡායාරූපයක් ලබා ගැනීමට ගිය අනුරාධපුර නගරයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු පෙරේදා (11) දා සවස ගාල්ල දෙස සිට කොළඹ කොටුව දෙසට ධාවනයවු බලවේග කට්ටල දුම්රියක ගැටි මිය යෑමේ සෝචනිය පුවත වාර්තාවිය.

අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූයේ අනුලා දේවි මාවත, විජයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි එකම පවුලේ සහොදරයන් දෙදෙනකු වු ශෂී මධුෂාන් රණවීර (24) හා තීක්ෂණ ශක්ෂාන් රණවීර (12) යන අයයි. මරණයට පත්වූ දරුවන් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ රාජකාරි කර විශ්‍රාම ලැබු කෝප්ප්‍රල්වරයකු වන ප්‍රසන්න ප්‍රියංකර රණවීර (49) හා යුද හමුදාවේ කාන්තා බළකායේ විශ්‍රාමික සෙබලියක වු ආර්.ඒ.බණ්ඩාර මැණිකේ (47) යන දෙපළගේ දරුවන්ය.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වයස අවුරුදු 12ක් වු බාල පුත්‍රයා හා වයස අවුරුදු 24 ක් වු වැඩිමහල් පුත්‍රයා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණි.

මේ අනතුරින් ජිවිතක්ෂයට පත්වු අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවූ ශෂි මධුෂාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදැරීම සඳහා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් වසර 3 කට පසු පෙරේදා (11 ) පස්වරු 4.30 ට පමණ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

සිය දරුවා සිංගප්පුරුවේ පාඨමාලාවක් හදාරා සහතික පත් ලබාගෙන වසර 03 ට පසු මෙරටට පැමිණිමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු කැදවාගෙන ඒම සඳහා මව පියා සහෝදරයන් දෙදෙනා මිත්තණිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටට ගොස් තිබේ.

අනතුරුව ඔවුන් කටුනායක සිට අධිවේගි මාර්ගයේ කොළඹට පැමිණ ගෝල්ෆේස් පිටියේ විනෝද වී කොල්ලුපිටියේ පදිංචිව සිටින ඥාති සහෝදරියනගේ නිවසට යාම සඳහා පිටත්ව තිබේ. එම අතරතුරේදී දුම්රිය මාර්ගය හා මුහුදු වෙරළට සමීපයෙන් ගමන් ගත් ස්ථානයක දී ජංගම දුරකථනයෙන් ස්වයං ඡායාරූප ලබා ගැනීම සඳහා වෑන් රථය නතර කරන ලෙස 12 හැවිරිදි තීක්ෂණ,පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥාතීහු පැවසූහ.

ගමනට සහභාගීවී අවාසනාවන්ත අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් සමගින් සිටි කම්පනයට පත්ව සිටින මියගිය දරුවන්ගේ මිත්තණිය වන ඩබ්.ප්‍රේමා ගුණවර්ධන (68) මහත්මිය හඩා වැලපෙමින් මෙසේ පැවසුවාය.

පොඩි පුතාගේ බලපෑමට තමයි ෆෝටෝ ගහන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමති වුණේ නැහැ. පසුව වාහනයෙන් බැහැලා මුහුදු වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ අයියයි මල්ලියි ෆෝටෝ ගත්තා. මමත් ඒ ස්ථානයට ආසන්නයේ හිටියා.වේලාව සවස 5.45 ට පමණ ඇති. මම දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක් පැමිණෙනවා. මුහුදේ ඝෝෂාව නිසා එම ස්ථානයේ දුම්රියක් ළඟට එන තෙක් ශබ්ද ඇසුනේ නැහැ.

පොඩි පුතාට කෝච්චියක් එන බව කියමින් මා කෑගැසුවා. ඉන්පසු බයවුණු චුටි පුතා එක්වරම රේල් පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා.මල්ලී එන්න එපා යැයි කියමින් ඔහු බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම වේගයෙන් පැමිණි කෝච්චියට හසුවුණා.දරු දෙදෙනා එම ස්ථානයේ බිම වැටි සිටියා.සිද්ධවුනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරිවුණා.

ටික වේලාවක් යනකල් කිසිවකුත් ඉදිරිපත් වුණේ නෑ දරුවන්ව රෝහල්ගත කරන්න. ලොකු පුතාගේ කකුලක් වෙන් වී තිබුණා.එම ඒ කකුල උස්සාලා ත්‍රී රෝද රථයකට දැම්මා. ආච්චි කෙනෙකුට මේවා දරාගන්න පුළුවන්ද. චුටි පුතා දෙස බලනකොට හිස කොටස තිබුණේ නෑ.අම්මයි තාත්තයි දරුවෝ දෙන්නා දිහා බලමින් විලාප තියනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා.මා මුලින්ම හිතුවේ කම්පනයට වැටිලා ඉන්නවා කියලා.

සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා පෙන්නන්නේ නැතුවම අපිව දාලා ගියේ ඇයි දැයි කියමින් ඇය හඬා වැලපෙමින් සිහිසුන් විය.දුම්රියට හසුවූ කුඩා දරුවාගේ හිස ඔවුන් ගැටුණු බලවේග කට්ටලයේ ඇමිණි තිබූ ඊයේ (12) උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයේ දී සොයා ගෙන තිබුණි.එම හිස කොටස අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොල්ලුපිටිය පොලිස්ථානයට ලබාදීමට ගම්පහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතුකර තිබුණි.

[rns_reactions]