හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය අදින් (08) අවසන් වේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට මෙතෙක් නොහැකි වූ අතර ඔහු සිංගප්පූරුවේ රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාවක් මඟින් සහ සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ සිතාසි යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවට පසුව වාර්තා වූ අතර අදාල සේවාවේ නියෝජිතයා පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ සිතාසිය භාර දීමට ගිය අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයාට දුරකථන ඇමතුමක්ද ලබාදී ඇති අතර
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමා පෙබරවාරි මාසය තුල යළි සිංගප්පූරුවට පැමිණෙන බවයි.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිතාසිය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමින් පෞද්ගලික ජංගම දුරකථනයට සහ විද්‍යුත් තැපෑලටද පණිවුඩ යොමුකර තිබේ.