දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පාසල් නිවාඩු ලබා දුන් දිනයේදී පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පිලිබඳ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.
සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය අත පත ගාන්නට උත්සහ කල අතර අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන්ට එම තරුණයා අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා.
තරුණයා පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති අතර පොලිස් පරීක්‍ෂක මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.
පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන මස 04 දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස නියෝග කළා.

