මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි…
Spread the love

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ.

අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු කළේය.

දේහය මතුගම නවුත්තුඩුවේ ඒ මහතාගේ මුල් නිවසේ තැන්පත් කර ඇති අතර 21 බ්‍රහස්පතින්දා සවස මතුගම පාන්තිය ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කරයි.