අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති.
නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු හැටන් බලා යමින් සිටියදි මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරිවරයා එදින කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත කැකිරාව පොලිසිය විසින් මෙසේ පරික්ෂණයක් ආරම්භකොට සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.