පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා. විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය ටිරානි කාවින්ද්‍යා මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණද ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් අනතුරින් ඇයට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත්, බන්ධනාගාරගත නොවී කෙලින්ම උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් ඇය රෝහලේ සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය බීමතින් නොසිටි බවට කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ හේතුවෙන් රෝහලේ ක්‍රියාකාරීත්මය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයත් ඇතිවී ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් පොලිසිය විසින් අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක් (බැලුමක්) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බව තහවුරු වී ඇති අතර වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ලබා ගත් කටඋත්තරයකදී ඇය මත්පැන් පානය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.
මෙම වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන පොලිස් පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර බොරලැස්‌ගමුව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්‌ඩායමක් සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස් කොස්‌තාපල්වරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.