මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…

මාලබේදී පොලී රොෂාන් මැරුවේ අංගොඩ ලොක්කාද? සුරූපී බිරිදද? සමයාද? ඇත්ත එලියට…
Spread the love

සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වීම නිසයි බිරිද තරහ වුනේ

කෝටි 3ක් පොලියට ගත්ත කෙනත් සැකයි

මාලබේ පිහිටි සයිටම් පවුද්ගලික වයිද්ය විද්යාලය දෙසට දිවෙන චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වන ප්රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි

රථය පදවාගෙන යන්නේ රොෂාන් ප්රේමලාල් ය.මොහු ප්රදේශයේ ප්රසිද්ධව සිටියේ පොලී රොෂාන් ලෙසය

හිඹුටාන බැංකු හන්දිය ප්රදේශයේ පදිංචිකරුවකු වූ පොලී රොෂාන් වියායාම් කිරීම සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතේ ශරීර සුවතා මංතීරුව වෙත පැමිණීම පුරුද්දක්‌ කරගෙන ගියේය

ඉකුත් 25 වැනිදා රාත්රියේ ද පොලී රොෂාන් වියායාම් කටයුතු සඳහා චන්ද්රිකා කුමාරතුංග මාවතට පැමිණියේ කිසිදු බියකින් තොරවය

එහෙත් මාරයා චන්ද්රිකා කුමාරතුංග මාවතේ සැඟවී සිටිනු ඇතැයි රොෂාන් සිහිනයකින් හෝ සිතුවේ නැත

සුඛෝපභෝගී ජීප් රථය මාර්ගය අසල නතර කළ රොෂාන් කලබලයකින් තොරව ඉන් බැස ගත්තේය.මාර්ගය දෙපස සවිකර ඇති පහන් කණුවලින් පැතිර තිබූ ඝන අන්ධකාරය යන්තමින් මැකී ගොස්‌ තිබිණි

දිනපතාම වියායාම් කටයුතු සඳහා පැමිණෙන ස්‌ථානය ගැන රොෂාන්ට සැකයක්‌ නැත.බියක්‌ දැනුණේ ද නැත.ඔහු හුරුපුරුදු පරිදි ව්‍යායාම්වල නිරත වුණේය

එහෙත් රොෂාන්ගේ මාරයා තම හෝරාව එනතුරු ඝන අන්ධකාරයට වී බලා සිටියේය

හිටි හැටියේම අන්ධකාරය මැදින් මතු වූ යතුරුපැදියක්‌ වියායාම් කරමින් සිටින රොෂාන් පහුකර ගියේය.යතුරුපැදිය කිහිපවරක්‌ චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ ඔබ මොබ ධාවනය වුණේය

එහෙත් රොෂාන්ට මේ නාඳුනන යතුරුපැදිකරුවන් ගැන විශේෂත්වයක්‌ නොමැත.ඔහු සුපුරුදු ලෙස වියායාම්වල නිරත වුණේය

මාලබේ ප්රදේශය පුරා පැතිර තිබූ නිහැඬියාව බිඳ දමමින් හෙන පුපුරන්නාක්‌ මෙන් පිට වූ වෙඩි උණ්‌ඩ රොෂාන්ගේ සිරුර විනිවිද ගියේය.නිමේෂයකින් සියල්ල නිහඬ විය

සිය ඉලක්‌කය සපුරාගත් ඝාතකයන් චන්ද්රිකා කුමාරතුංග මාවත ඔස්‌සේ පලා යන්නේ කිසිදු කලබලයකින් තොරවයපොලී රොෂාන්ට වෙඩි තබා ඝාතනය කළ පුවත මාලබේ ප්රදේශය පුරා පැතිර යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් රොෂාන් ඝාතනය කර තිබූ ස්‌ථානයට පැමිණෙන විට ඝාතකයන් පලා ගොසින් බොහෝ වේලාවක්‌ ගතව තිබුණේය

ප්රහාරය එල්ල කළ ඝාතකයන් පළපුරුදු අවි හසුරුවන්නන් බව පැහැදිලිය.පොලී රොෂාන් ඝාතනය පාතාල සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් කළ බව පැහැදිලිය

බස්‌නාහිර දකුණ නියෝජ්ය පොලිස්‌පති වසන්ත වික්රමසිංහ ජේෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්රසාද් රණසිංහ මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රොෂාන් ඝාතනයේ සැකකරුවන් සොයා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ සිය විමර්ශන කටයුතු ක්රියාත්මක කළහ

පොලී රොෂාන්ට තර්ජන එල්ල වී තිබූ පාර්ශ්ව කීපයක්‌ හෙළිකර ගැනීමට පොලිසිය සමත්විය.පොලී රොෂාන් ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ වැඩක්‌ බව සමහරු කීය

තවත් සමහරු කීවේ රණාලේ සමයාගේ පාර්ශ්වය මේ ඝාතනය ක්රියාත්මක කළ බවය

එමෙන්ම වියාපාරික ආරවුලක්‌ ඝාතනයට හේතු වූ බවට කටකතා පැතිර යන්නට විය.රොෂාන් සහ බිරිඳ අතර කාලයක පටන් පැවැති විරසකයක්‌ මේ ඝාතනය පිටුපස ඇති බවට සැකයක්‌ ද මතුව තිබුණේය

රොෂාන් ප්රේමලාල් හැදී වැඩෙන්නේ මුල්ලේරියාව ප්රදේශයේය.මීට වසර 10 – 15 කට උඩදී රොෂාන් ඒ තරම් වත් පොහොසත්කම් ඇත්තකු නොවීය

මුදල් පොලියට දීම සුළුවෙන් ආරම්භ කළ රොෂාන් කාලයක්‌ ගතවෙද්දී ගජ පොහොසතකු වුණේය.රොෂාන් ප්රේමලාල් පොලී රොෂාන් ලෙස ප්රසිද්ධියට පත් වුණේ ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබාදීත් සමඟය

අංගොඩ ලොක්‌කා පොලී රොෂාන්ගේ ගජ මිතුරකු විය.ඒ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කාගේ හයිය මෙන්න පාතාල බලය තම පොලී ව්‍යාපාරය දියුණුකර ගැනීමට පොලී රොෂාන් පාවිච්චි කළේය

පොලී රොෂාන්ගෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන් නියමිත දිනයේදී අදාළ පොලී මුදල ගෙවා දැමිය යුතුය.එසේ නොකළහොත් පොලියට මුදල් ලබා ගන්නවුන් හමුවන්නේ අංගොඩ ලොක්‌කාගේ ගෝල බාලයන්ය

මේ ආකාරයට පොලී රොෂාන් කිසිදු ගැටලුවකින් තොරව තම වියාපාරය කරගෙන ගියේය.පොලී රොෂාන් කෝටිපති ව්‍යාපාරිකයකු වීමට වැඩි කාලයක්‌ ගත වුණේ නැත

මුදල් පොලියට ලබාදීමේ වියාපාරයට අමතරව ඉදිකිරීම් කොන්ත්රාත් ලබා ගැනීම බර වාහන ආනයනය කර විකිණීමේ වියාපාරය ද කරගෙන ගිය පොලී රොෂාන් වියාපාරික ලෝකයේ හිනිපෙත්ත දක්‌වාම ගමන් කළේය

රණාලේ සමයා ඇතුළු හත්දෙනෙක්‌ කළුතර බන්ධනාගාර බස්‌ රථයේදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්‌කා හොර රහසේම රටින් පලා ගියේය

අංගොඩ ලොක්‌කා පොලී රොෂාන් මිතුදම ටිකෙන් ටික දුරස්‌ වන්නට පටන් ගත්තේ එතැන් සිටය.පොලී රොෂාන් අංගොඩ ලොක්‌කා නොසලකා හරින්නට පටන් ගත්තේ ය.දෙදෙනා අතර නොහොඳ නෝක්‌කාඩු ඇති වන්නට විය

පොලී රොෂාන් අංගොඩ ලොක්‌කාට කප්පම් ලබා දීම පැහැර හැරීම මේ විරසකයට හේතු වී තිබිණි.අංගොඩ ලොක්‌කාට කප්පම් මුදල් ලබා නොදීම නිසා පොලී රොෂාන් ඔහුගේ උදහසට ලක්‌ව සිටියේය

රොෂාන් ඝාතනයට හේතු වූයේ මේ සිදුවීම බවට සැකයක්‌ මතුව තිබෙයි.මේ අතර පොලී රොෂාන් ඝාතනය පිටුපස රණාලේ සමයාගේ කල්ලිය සිටින බවට ප්රචාරයක්‌ ද ගොස්‌ තිබුණේය

අංගොඩ ලොක්‌කා සහ පොලී රොෂාන් සමීපතම මිතුරන් බව රණාලේ සමයාගේ කල්ලිය දැන සිටියහ.පොලී රොෂාන්ගේ දියුණුව පිටුපස සිටියේ අංගොඩ ලොක්‌කා බව සමයාගේ කල්ලිය විශ්වාස කළහ

අංගොඩ ලොක්‌කාගේ පාතාල කල්ලිය සහ රණාලේ සමයාගේ කල්ලිය එකිනෙකා මරා ගන්නට පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටය.අංගොඩ ලොක්‌කා රණාලේ සමයා ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම් උත්සන්න විය

වයිරය පළි ගැනීම මොවුන් අතර බුර බුරා නැගෙමින් තිබුණේය.මීට සති කීපයකට උඩදී රණාලේ සමයාගේ කල්ලියේ සමීපතමයකු වූ සුදුවා අතුරුගිරිය නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරුණි

මේ ඝාතනය අංගොඩ ලොක්‌කාගේ කුලී හේවායන් කළ බව මුළු පාතාල ලෝකයම දැන සිටියහ

සුදුවා ඝාතනයෙන් රණාලේ සමයාගේ කල්ලියේ සාමාජිකයන් දැඩි ලෙස උරණ වී සිටියහ.සුදුවාගේ ලේවල පළිය ගැනීමට සමයාගේ කල්ලියේ සාමාජිකයන් සැලසුම් කළහ

සුදුවා ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස රණාලේ සමයාගේ කල්ලිය පොලී රොෂාන් ඝාතනය කරන්නට ඇති බවට සැකයක්‌ මතුව තිබෙයි.පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට පොලී රොෂාන් සහ ඔහුගේ නීත්යානුකූල බිරිඳ අතර පැවැතියේ දැඩි විරසකයකි

ඔවුන් එකට නිවසේ ජීවත් වුවද ගත කළේ දෙලොවක්‌ අතර ජීවිතයකි

පොලී රොෂාන් සුරූපී කාන්තාවන් ඇසුරට ලොල් වූවෙකි.මොවුන් අතර අඹු සැමි ආරවුල්වලට හේතුව වන්නේ මේ ආරවුලය.මේ අඹුසැමි ආරවුල් කොයි තරම් දුරදිග ගියේද යත් එක්‌ අවස්‌ථාවක පොලී රොෂාන් සිය බිරිඳගේ පිහි ප්රහාරයකට ද ලක්‌ව බරපතළ තුවාල ලැබීය

පොලී රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳගෙන් ද දීර්ඝ ලෙස ප්රශ්න කර තිබුණේ මේ පිළිබඳ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගැනීමේ අටියෙන් ය

පොලී රොෂාන් වියාපාරික ආරවුල් කීපයකට පැටලී සිටි බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි විය.රුපියල් දහස්‌ ගණනින් නොව රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දීම රොෂාන්ගේ ප්රධාන ආදායම් මාර්ගය විය

රොෂාන් මුල්ලේරියාව ප්රදේශයේ වියාපාරිකයකුට රුපියල් කෝටි තුනක මුදලක්‌ පොලියට ලබා දී තිබුණේය

මේ වියාපාරිකයා කාලයක සිට රොෂාන්ට පොලී මුදල් ලබාදීම මෙන්ම ලබාගත් මුදල ආපසු ලබා දීම පැහැර හැර තිබූ බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය

මෙම මුදල් ආරවුල පොලී රොෂාන්ගේ අවසානය සනිටුහන් කිරීමට හේතු පාදක වූ බවට ද සැකයක්‌ මතුව තිබෙයි