මිතුරිය සමග බස් රථයේ ගමන්ගත් තරුණ සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණය කරලා..

මිතුරිය සමග බස් රථයේ ගමන්ගත් තරුණ සිසුවියක් අමානුෂික ලෙස සමූහ දූෂණය කරලා..
Spread the love

මෑත ඉතිහාසයේ සමස්ත ඉන්දියාවම ප්රකම්පනයට පත් කළ 23 හැවිරිදි භවුතචිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ අපරාධයට සම්බන්ධ වරදකරුවන් වූ සිව් දෙනාට ස්ථිරවම මරණ දඩුවම හිමි විය යුතු බව ඉන්දියානු ශේෂ්ඨාධිකරණය තහවුරු කොට ඇත.

ඒ විත්තිකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් ශේෂ්ඨාධිකරණයට යොමු කොට ඇති අභියාචනය ප්රතික්ෂේප කරමිනි.

සිසුවියගේ දෙමාපියෝ 2012 වසරේ දෙසැම්බර් 16 වන දින තම මිතුරෙකු ද සමඟ යමින් සිිටි භව්තිචිකිත්සක ශිෂෟයාවක බස් රථයක් තුළ දී සමූහ දූෂණයට ලක් වූ අතර ඇගේ මිතුරා දරුණු පහර කෑමකට ලක් විය

අසාධෟය තත්ත්වයෙන් පසු වූ සිසුවිය රෝහල් ගත කොට පසුව සිංගප්පූරූවේ Mount Elizabeth රෝහල වෙත මාරුකරනු ලදුව දෙසැම්බර් 29 වන දින මිය ගියාය

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ එම සමූහ දූෂණයේ දී ඇගේ් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයන්ට සිදු වූ බරපතල හානි මෙම මරණයට හේතු වූ බවයි

මේ සිද්ධියත් සමඟ මුළු මහත් ඉන්දියානු සමාජයම කැළඹීමකට පත් වූ අතර සාමාන්ය ජනතාව පවා වීදි බැස උද්ඝෝෂණය කරන්නට වූහ

අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට පසුබට වීම මුල්කොට ගෙන ඉන්දියානු අපරාධ නීති සංග්රහයට පවා දැඩි විවේචන එල්ල විය

මෙම ජන අරගල මර්දනය කිරීම පිණිස මහත් උත්සාහයක් දැරීමට ඉන්දීය පොලීසියට සිදුවිය

කෙසේ හෝ මෙම දූෂණය සිදු වූ දිනට පසුදින රාම් සිං නමැති එම බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනිණ

ඉන්පසු ඔහුගේ ප්රකාශය මත එම සමූහ දූෂණයට සම්බන්ධ වූ ඔහුගේ මිතුරන් පස් දෙනා ද අත්අඩංගුවට ගන්නා ලදී

මේ අතර 2013 මාර්තු 11 වන දා එම රාම් සිං නමැත්තා බන්ධනාගාර මැදිරියක් තුළ දී ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැළ ලාගෙන දිවි නසාගත් බව පොලිසිය ප්රකාශ කළ ද ඇතැමුන් පවසන්නේ ඔහු සෙසු බන්ධනාගාර රැදවියන් අතින් ඝාතනයට ලක් වූ බවය

ඉන්පසු එම වසරේ අගෝස්තු 31 වන දින එක් සැකකරුවකු පුනරුත්ථාපන භාරයට පත් කෙරුණු අතර එමඟින් ද ඉන්දියානු සමාජය යළි මහත් කැළඹීමකට පත් වනුයේ මෙවැනි අපරාධකරුවන් එල්ලා මරනු මිස පුනරුත්ථාපනය කිරීමෙන් පළක් නොවන බව පවසමිනි

නමුත් එම සැකකරු ඒ වනවිට 17 හැවිරිදි වියේ පසුවූ බැවින් සාමාන්ය අපරාධ නීතිය යටතේ ඔහුට දඩුවම් ලබා දිය නොහැකි බව ඉන්දියානු අධිකරණය විසින් ප්රකාශ කරන ලදී

ඉන්පසු 2013 වසරේ සැප්තැම්බර් 13 වන දා විශේෂ අධිකරණයක් මඟින් සෙසු වරදකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කෙරුණු අතර 2014 මාර්තු 13 වන දා දිල්ලි මහාධිකරණය විසින් එම දඩුවම සනාථ කරන ලදී

එහෙත් එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් ඉන්දියානු ශේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ බැවින් එම මරණ දඩුවම තාවකාලිකව අත්හිටුවා තිබුණි

නමුදු එම අභියාචනය ප්රතික්ෂේප කරමින් එම මරණ දඩුවම තහවුරු කළ ඉන්දීය ශේෂ්ඨාධිකරණ විනිසුරු ආර්.භානුමතී මහත්මිය කියා සිටියේ මෙය ක්රූරතර අපරාධයක් බැවින් මොවුන් සිව් දෙනාට නියත ලෙසම මරණ දඩුවම හිමි විය යුතු බවය.

කෙසේ හෝ මෙම තරුණියට සිදු වූ අපරාධය මුල්කොට ඉන්දියානු මාධ්ය අතිශයින් විනයවත් සහ සදාචාරාත්මක ලෙස කටයුතු කළ අතර එම තරුණිය ඇගේ නියම නමින් හඳුන්වා නොදීමටත් ඡායාරූප මඟින් ඇය සමාජයට හඳුන්වා නොදීමටත් තරම් මානුෂික විය

එසේම ඇගේ පවුද්ගලික වගතුග ආදී කිසිවක් මුලින් අනාවරණය නොකළ ඉන්දියානු මාධෟය පසුව ඒවා අනාවරණය කරන ලද්දේ ඉන් ඇගේ නාමයට සහ ඇගේ පවුලේ ඥාතීන්ගේ ආත්ම ගව්රවයටත් සමස්ත සමාජයටත් ඇතිවන බලපෑම පිළිබඳ නිසි විමසුවකින් පසුවය

මේ අනුව අප රටේ තත්වය පිළිබඳව අපි යළි යළිත් සිතාබැලිය යුතුය

ඒ කෙසේ හෝ ඇයට සිදු වූ අපරාධය මුල්කොට ස්ත්රියට එරෙහි ලිංගික ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ගාමක බලවේගයක් පැන නැගුණු අතර පසුව ඇය ලොව පුරා ප්රසිද්ධ වී ඇත්තේ ‘‘නිර්භයා’’ යන ආරූඪ නමකිනි

පසුව ඇයට සිදු වූ මෙම අපරාධය මුල්කොට බී.බී.සී. ආයතනය මඟින් නිර්භයා ඉන්දියාවේ දියණිය – Nirbhaya India’s Daughter යනුවෙන් වාර්තා චිත්රපටයක් ද නිපදවා ඇත.

කෙසේ හෝ ඉන්දියානු තරුණියකට සිදු වූ මේ ක්රූරතර අපරාධය අප රටේ කොටකෙතන ස්ත්රී සමූහ ඝාතනය මෙන් තවත් ඛේදවාචකයක් පමණක් වීමට ඉඩ නොදී සමස්ත ඉන්දියානු ජනතාව සහ සමස්ත ස්ත්රී පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් යම් ප්රබල පියවරක් ගැනීමට හැකිවීම මඳ හෝ සැනසුමට කරුණකැයි සමාජ විශ්ලේෂකයෝ කියති

එමෙන්ම මෙම අපරාධකරුවන් සිව්දෙනා පෝරකයට යැවීමත් සමඟම ඉන්දියානු ස්ත්රීත්වයට එරෙහිව එල්ල වන ප්රචණ්ඩත්වය අංශු මාන්ත්රිකව හෝ අවම වනු ඇතැයි විශ්වාස කරයි