වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප‍්‍රියසාත් ඩෙප් ලබන 12 වැනිදා වයස අවුරුදු 65 සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම යාමට නියමිත වන හෙයින් මීළග අගවිනිසුරු ධුරය සඳහා නම් 02ක් පිළිබඳ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨත්වය අනුව ගත් කළ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දරයි. ඇය ලබන වසරේ පෙබරවාරි මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව ඇත.
ඊට අමතරව දැනට නීතිපති ධුරයේ කටයුතු කරන ජයන්ත ජයසූරියද අගවිනිසුරු ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇතැයි සඳහන්.
අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. එම ධුරයට අදාළ නම නිර්දේශ කිරීම ජනාධිපතිවරයා සිදු කළ යුතු වනවා. එහෙත් ආණඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ වනවිට අක‍්‍රීය වී ඇති බැවින් ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට ද වාර්තා පළ වුණා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දින 14ක උපරිම කාල සීමාවකට අගවිනිසුරු ධුරය සඳහා වැඩබලන පත් කිරීමක් සිදු කළ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නොවන අයෙකුට ද අගවිනිසුරු ධුරය ලබාදුන් අවස්ථා ඉතිහාසයේ ඇති බව දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා