වකුගඩු රෝගයකින් පෙලුණු සිංහල ජාතික වයස අවුරුදු 50 ක් වු පුද්ගලයෙකුට ඔහුගේ සැත්කමට අවශ්‍ය රුපියල් ලක්ෂ 4 ක මුදලක් මුස්ලිම් ගම්මානයක් විසින් පරිත්‍යාග කිරීමේ පුවතක් පොළොන්නරුව කුඩා පොකුණ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
කේ.ඒ.කරුණාරත්න නැමති මෙම තිදරු පියා කුඩා පොකුණ මුස්ලිම් ගම්මානයේ ජීවත් වන අයෙකි.
ඔහු කුඩා පොකුණ උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන් වසර 13ක් සේවය කරමින් සිටියි.
කරුණාරත්න මහතාට වකුගඩු රෝගය වැළදී මේ වන විට වසරක් පමණ ගත වී ඇති අතර ඔහු මේ වන විටත් මහනුවර ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සදහා විශාල මුදලක් වැය වන බැවින් මුස්ලිම් ගම්මානයේ සිටින සියලූම මුස්ලිම් ජනතාව එක්වී කරුණාරත්න මහතාගේ පවුලේ සමාජිකයින් වෙත මෙම මුදල ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඊයේ(23) දිනයේ දී ගම්වාසින් විසින් දිස්ත‍්‍රික් ලේකම්වරයා හා ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිට දී මෙම මුදල කරූණාරත්න මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත බාර දුන්නේය.

