නොවැලැක්විය හැකි හේතු හා දුෂ්කරතා කිහිපයක් මත මෙවර ජනවාරි 19 දින පැවැත්වීමට නියමිතව තිබූ කැළණි රජමහා විහාරයේ මහ පෙරහැර නොපැවැත්වෙන බව කැළණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පැවසීය.
එසේ වන නමුත් යොදා ගත් පරිදි ජනවාරි 17 දින රාත්‍රී 8.30ට උඩමළුවේ පෙරහැර හා ජනවාරි 18 දින රාත්‍රී 8.30ට දෙවන වීථී පෙරහැර වන දේවදූත පෙරහැර උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.